Rahula College : Matara District 1st place of SL Genius competition, conducted by UCSC.

The team from Rahula College, consisting of four members – including me and three others – , which participated at the district level competition of Sri Lanka Genius Competition (Which is a IT competition), hold on 17th of May 2008 in ST. Thomas’ College, Matara, was able to win the First place, among schools from all over the District of Matara.

Its a pleasure, that the sister school Sujatha Vidyalaya was able to get the second place along with us !

Rahula Team took part at the Provincial Level competition, hold today in The University of Ruhuna.

Following major schools from The City of Matara were at the competition,

Unfortunately, neither ST. Thomas’ College nor ST. Thomas’ Girls’ High School able to advance to the Provincial Level from the District Level. Neither ST. Servatius’ College nor ST. Mary’s Convent  were not able to advance, too.

How ever, the RCM boys are in the form to take the Grand Victory to Rahula College, wich is full of students rocking with IT.

I am back in English !

Hi all,

I thought to write my blog posts in English, once again. The reason for choosing English again, is that I realized my posts in Sinhala are not open for the people, those who don’t know English.

The target of a blog writer is to take his or her feelings and ideas to the world. The main reason that number of people are using a blog is, it is the cheapest and easiest way to do so. No one can have personal radio – TV stations or publish a magazine or a news paper concerning him or her self. And the other thing is, who is going to listen or read that much stuff about some one else ?

Internet is an open media. Any one can access any content over the Internet. Except that the things restricted by governments or something like… you know.

To communicate, human need a language. There are lots of languages spoke all around the world, and few of them are widely used. The English language is the most-used language. Number of countries use English, as their official language, and the people of most of the countries use English as a secondary language.

Englishman spreaded English language all over the world, through the colonialism for last few centuries. For good-or-bad, English has become the “International” language in the present.

So, the best language to use for communicating with a wide range of the Internet is the English language. If a blog writer use Sinhala, instead of English, only the people who know Sinhala will be able to read the blog. But that is not what the writer expected. Using a language that is not commonly used, is a barrier for fulfilling the goals of a blog.

The best thing is, using Sinhala (or a local language) only when you are sure the people, who benefits from the blog knows Sinhala (or the laguage, that you used).Otherwise, its better if you can use English, as many people understand English more than Sinhala (or the language you used).

සිංහල භාෂාවෙන් බ්ලොග් අඩවිය පවත්වාගෙන යාම – හැරී බැලීම සහ පසුතැවීම.

යමෙක් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමේ අදහස කුමක්ද ? තමාගේ අදහස් සෙසු ලෝකයාට ප්රකාශ කිරීම සඳහා වර්තමානයේ ඇති පහසුම සහ ලාභ දායකම ක්රමය එය වන නිසාය. බ්ලොගයක, වෙබ අඩවියක, පුවත් පතක, ලිපියක මතු නොව කතා කිරීමේදීද අදහස් හුවමාරු උපක්රමය වන්නේ භාෂාවයි.

මාගේ අරමුණ මාගේ අදහස් “ලෝකයාට” ප්රකාශ කිරීමයි (මුළු ලෝකයාම තබා, මා ගේ මිතුරන්වත් මෙය කියවනවාදැයි යන්න අදාළ කාරණයක් නොවේ !). ලෝකයාට අදහස් ප්රකාශ කිරීම සඳහා යොදා ගත යුත්තේ මුළු ලෝකයාට වැටහෙන භාෂාවකි. හොඳට හෝ නරකට, පසුගිය ශතවර්ෂ කිහිපයේදී බිරිතානීන් විසින් ගෙන ගිය අධිරාජ්ය වාදී ක්රියා කලාපයන් නිසා, උන්ගේ බස වූ ඉංගිරිසිය ලොවේ වැඩිදෙනෙක් භාවිතා කරන භාෂාව බවට පත්ව ඇත. ඇතැම් රටවල ප්රධාන භාෂාව ලෙසද, අනෙකුත් රටවල් බොහෝමයක ජනයාත් භාවිතා කරන භාෂාව ඉංගිරිසිය යි. ඉතින්, බහුතර පිරිසක් කරා තම අදහස් ප්රකාශ කිරීම සඳහා වර්තමානයේ යොදාගත හැකිව තිබෙන භාසෘව වන්නේ ඉංගිරිසි භාෂාවයි.

ඉතින්, මා සිංහල භාෂාවෙන් මේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්නේ ඇයිද ? මා හට සිතෙන ආකාරයට, සිංහළ යුනිකේතයෙන් යතුරුලියනය කිරීමේ පද්ධතිය මාගේ පරිගණකයේ ස්ථාපනය කරගත් දවසේ දැනුනු, සිංහලෙන් යතුරුලියනය කිරීමේ ආතල් එක නිසා, සිංහල භාෂාවෙන් මෙය ලිවීමට පටන්ගත් බවයි.

සිංහල බසින් මෙය පවත්වාගෙන යාමෙන්ම, බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමේ මූලික අරමුණකට හානි සිදුවනවා නොවේද ? සිංහල බසින් මෙය පවත්වාගෙන යාම යනු, සිංහල දන්නා අන්තර්ජාල භාවිතා කරුවන් සඳහා පමණක් මෙය විවෘත වනවා යන්න නොවේද ?

ඇතැම් ජපන්, චීන හෝ ස්පාඤ්ඤ වැනි භාෂාවලින් පවත්වාගෙන යන වෙබ් අඩවි වලට අප පිවිසුනු පසුව මතුවන බලාපොරොත්තු කඩවූ හැඟීම ඔබට දැනී ඇතුවා නොවේද ? අන්තර්ජාලය මගින් ලෝකය පුරා ඇති තොරතුරු එක් තැනක සිට භාවිතා කිරීමේ හැකියාව ලබාදෙනවා නම්, භාවිතා කල යුත්තේ සියල්ලන්ටම තේරුම් ගත හැකි භාෂාවක් නොවේද ?

යම් රටක පුද්ගලයන්ට පමණක් සීමාවූ පුවත් හවුල්, ඊ-මේල් එකතු, කතාබහ (Chat), දේශීයකරණය කල මෘදුකාංග සඳහා අදාළ රටේ භාෂාව යොදාගැනීමේ වරදක් නොමැත. නමුත් සියළුම රටවල ජනයාට විවෘත බ්ලොග් හෝ වෙබ් අඩවි වැනිදේ සීමිත පිරිසකට වැටහන භාෂාවකින් ඉදිරිපත් කිරීමේ අරුතක් මට නොපෙනේ. භාවිතාවන වදන් නිශ්චිත වෙබ් අඩවි සඳහා Translation system එකක් යොදාගනිම්න් භාෂා කිහිපයකින් ඉදිරිපත් කිරීම කල හැක්කක් වුවත්, එකම බ්ලොග් ලිපිය භාෂා දෙකකින් ලිවීමට හැක්කේ කාහටද ? සියයට සියයක් නිවැරදිව සිංහල භාෂාව ඉංගිරිසියට පරිවර්ථනය කල හැකි මෘදුකාංගයක් (Babel fish හෝ Google Translator වැනි) අන්තර්ජාලයේ සොයාගැනීමට හෝ බාගෙන ස්ථාපනය කිරීමට වර්තමානයේ තිබේද ? අනෙක් අතට බ්ලොග් ලිපියක් වැන්නක් කියවීමේ අත්යවශ්යතාවයක් නැතිනම්, පරිවර්තනය කොට කියවන්නේ කවුද ?

හොඳම දේ සිංහල භාෂාව දන්නා අයට පමණක් අවශ්ය වේ යැයි නිශ්චිතවම දන්නා දේ පමණක් සිංහළ බසින් ඉදිරිපත් කොට, ග්රාහකයා නිශ්චිත නොවන තොරතුරු ඉංගිරිසියෙන් ඉදිරිපත් කිරීමයි.

භාෂාව මත පදනම් වූ පටු බෙදුම් නැතිව, සිංහල භාෂාව දියුණු කිරීමට නිසි පියවර ගන්න. කාටත් පොදු අන්තර්ජාලයේ සිංහල භාෂාව දන්නා අයට පමණක් සීමා වූවකු නොවන්න.

මෙය මාගේ අවසන් සිංහල බ්ලොග් ලිපියයි ! මින්පසු මාගෙන් සිංහල බ්ලොග් ලිපි නැත !!

වින්ඩෝස් නිදහස් හා විවෘත කේත මෘදුකාංගයක් බවට පත් වුවහොත්…

කවුරු කොහොම කිවුවත්, මම කොච්චර වින්ඩෝස් වලටයි මයික්රොසොෆ්ට් ටයි අකමැති උනත්, මට හමුවෙලා තිබෙන භාවිතා කරන්න්ට පහසුම මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් කියන එක අවිවාදිතයි. මට එහෙම දැනෙන්නේ මම පරිගණකයක් භාවිතා කරපු මුල් දවසේ ඉඳලා පරිගණකය භාවිතා කරන්නට හුරු වුනේ වින්ඩෝස් භාවිතයෙන් නිසා. මට හිතෙනවා බොහො දෙනෙකුට මේ ප්රකාශය සාධාරණයි කියලා. ඒ වුනාට මම නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වලට කැමති කෙනෙක් නේ ? මම කල්පනා කලේ වින්ඩෝස් නිදහස් හා විවෘත කේත මෘදුකාංගයක් වුනොත් මොනව වෙයිද කියල.

කොහොම උනත් වින්ඩෝස් කේතය මත පදනමි වුනු මෙහෙයුම් පද්ධති ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලට වඩා වේගයෙන් ලොවපුරා පැතිර යාවි. මොකද ලෝකයේ ජනතාව බොහෝ දෙනෙක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ක්රියාත්මක වන ආකාරයට සමීප වෙන විදියට සිතන්නට මයික්රොසොෆ්ට් විසින් දැනටමත් හුරු කර ඇති නිසා. ඉතින් අළුතින්ම ලිනක්ස් වලට හුරුවෙනවාට වඩා, හුරු පුරුදු වින්ඩෝස් මත පදනම් වුනු මෙහෙයුම් පද්ධතියක වැඩ කටයුතු කිරීම පහසුවක් වෙන නිසා.

අනෙක් කාරණය තමයි යෙදවුම් මෘදුකාංග. මම හිතන විදියට ලිනක්ස් වලට වඩා වැඩි ප්රමාණයක් යෙදවුම් මෘදුකාංග වින්ඩෝස් සඳහා සොයා ගත හැකියි.

තමන් කලින් වින්ඩෝස් සමග භාවිතා කරපු භාවිතා කරපු ගොනු ලිනක්ස් වල භාවිතා කරන එක ප්රශ්නයක් නොවෙයි නේ කොහොමත් ? නමුත් තමන් වින්ඩෝස් සමග භාවිතා කරපු මෘදුකාංග වලින්ම එම ගොනු භාවිතා කරන එක, නව මෘදුකාංග වලට හුරු වීමට යන කාලය ඉතිරි කර දේවි.

ලොකුම ප්රශ්නෙ එන්නේ අපේ මිත්ර බිල් ගේට්ස් උන්නැහේට, මොකද තවදුරටත් සල්ලි වලට ඔහුගේ වින්ඩෝස් වත් වෙනත් මෘදුකාංගයක් වත් ජනතාව විසින් ලබා ගනු නොමැති ඇති නිසා.

Forbidden Kingdom ගැන මොකද හිතන්නේ ?

Forbidden Kingdom නරඹලා සතියක් දෙකක් විතර ගෙවුනත්, ඒ ගැන බ්ලොග් එකට ලිවුවොත් හොඳයි කියලා හිතුනේ දැන්.

Forbidden Kingdom ගැන මට කියන්න තියෙන්නේ කරුණු දෙකයි.

  • සටන් කලා චිත්රපටයක් ලෙස : හොඳයි.
  • තාත්වික භාවය : අවසන් මිනිත්තු 5 වන තෙක් සාමාන්යයෙන් හොඳයි. මිත්යා කතාවක් වුනු පළියට, ඒකෙ තාත්වික භාවය නැති කරග්න්න ඕන නැහැනේ ? වැඩි දුර යන්න ඕන නැහැ, Harry Potter කියන්නෙත් මිත්යා දේවල් තියන චිත්රටපි නේ ? නමුත් ඒකෙ තිබෙන සිද්ධි පිළිගත හැකි විදියට ඉදිරිපත් කරල තියනවනේ ? අර අධිරාජ්යයා විසින් අර කොල්ලව ආපහු US වලට එවන්න කටින් පිඹලා අර දොර අස්සෙන් පා කරලා එවන scene එක නම් අන්තිමයි. මම නම් ඔතනට දාන්නේ ඒ කොල්ලා අර දොරෙන් ඇතුලෙන් ඇවිදගෙන යනවා, එයා යන්නේ ලොකු සුදු පාට ආලෝකයක් දිහාවට. ටිකෙන් ටික එයාව නොපෙනී යනවා. ඊළග දර්ශනයේ තිබෙන්නේ අර කොල්ලට එකපාරට ම සිහි එන විදිය.

    අනිත් එක Monkey King දාන ගොං පාට් වලට චිත්රපටිය බලන එක එපා වෙනවා.

මම කමතිම වෙබ් අඩවි – 2 කොටස

මෙන්න “මම කැමතිම වෙබ් අඩවි ලිපියේ ඉතිරි කොටස”….


  • වි-ලිපි සේවා සපයන වෙබ් අඩවි.
    • GMail.com
      • වි-ලිපි, එහෙමත් නැත්නම් විද්යුත් තැපැල් සේවා සපයන වෙබ් අඩවි අතරින් මගේ පළමු සහ එකම එක කැමැත්ත තිබෙන්නේ GMail නොහොත් Google Mail වලට.

        එකම මාතෘකාවක් යටතේ හුවමාරු වන ලිපි එක් තැනකට ගොනු කොට ඉදිරිපත් කිරීම මෙහි මම දකින වැදගත්ම පහසු කමයි. අනිත් එක පරිශීලක මිත්රශීලී කම අතින් GMail හරිම ඉහලයි. මොකද දවසක් මගේ මිතුරෙකු ගේ Yahoo! Mail ගිණුමක් පොඩ්ඩක් අතපත ගාන්න මට ලැබුනා. ඒකේ Log Out වෙන සබැඳිය හොයාගන්න මම කොපමණ උත්සාහ කළත් මට ඒක හොයාගන්න බැරි වුනා. අන්තිමට ගිණුමේ අයිතිකාරයම තමයි log out වෙන සබැඳිය මට පෙන්වලා දුන්නේ. Yahoo! Mail සම්පූර්ණයෙන් තේරුමගන්න ඒකත් එක්්ක ටිකක් කල් වැඩ කරන්න වෙනවා. නමුත් GMail එහෙමද ? කරන්න අවශ්ය දේ, ක්ලික් කරන්න අවශ්ය සබැඳි එහෙම බැලූ බැල්මට ම පෙනෙන්න තිබෙනවා.

        අනිත් එක Yahoo! Mail සීමා රහිත මතක ප්රමාණයක් ඔවුන්ගේ වි-ලිපි ගිණුම් වලට ලබා දෙන්න කටයුතු කළත්, ඒ පහසු කම Yahoo! Mail වල අනික් දුර්වලතා අභිබවා යන්නට සමත් වෙලා නැහැ.

        මම Microsoft විරෝධියෙක් නිසා MSN, HotMail ගැන කතා කරන එකේ තේරුමක් නැහැ.

  • අධ්යාපනික, තොරතුරු මූලාශ්ර වෙබ් අඩවි.
    • WikiPedia.org (English)
      • මාර්ග ගත අධ්යාපනය ගැන කතා කරන විට අමතක කරන්නම බැරි වෙබ් අඩවියක් තමයි, WikiPedia (English). ඉංග්රීසි වගේම සිංහල ඇතුළු ලොව භාවිතා වෙන භාෂා රුසකින් WikiPedia සංස්කරණ ඉදිරිපත් වෙලා තිබෙනවා.

        ඔබේ දැනුම වෙනත් අයට ලබා දීමටත්, ඔබට අවශ්ය දැනුම වෙනත් අයගෙන් ලබා ගැනීමටත් WikiPedia (English) කරන සේවාව අනුපමේයයි.

        නිදහසේ සංස්කරණය කල හැකි තොරතුරු ඇති වෙබ් අඩවියක් වුනාට, මෙහි ඇති බහුතරයක් ලිපි ගුණාත්මයෙන් ඉහළයි. ඕනෑම විෂයයක් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට WikiPedia තමයි අංක එක.

    • WikiPedia (සිංහල)
      • මෙය තමයි WikiPedia හි සිංහල සංස්කරණය. මෙය සිංහල යුනිකේතය භාවිතා කරන වෙබ් අඩවියක්. සිංහල යුනිකේතයෙන් ඔබ සැකසූ ප්රයෝජනවත් ලිපි මෙයට එක් කිරීම මගින් මෙය දියුණු කිරීමට ඔබට දායක වෙන්න පුළුවන්.
    • W3CSchools.com
      • මෙම වෙබ් අඩවිය හරහා ඔබට වෙබ් අඩවි සංවර්ධණය පිළිබඳ දැනුම වැඩි කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඇත්තටම කිවුවොත් PHP පිළිබඳව කිසිම දෙයක් නොදැන සිටි මම, ගොඩක් හොඳින් PHP යොදාගෙන වෙබ් අඩවි සංවර්ධනය කරන්නට කෙටි කාලයක් ඇතුළත මෙම වෙබ් අඩවියේ උදවුවෙන් ඉගන ගත්තා. පුරසාරම් කැයනවා නෙවේ… මේ වෙනකොට මම මගේ මිත්රයන් කිහිප දෙනෙකුටම වෙබ් අඩවි හදල දීලා තියනවා, අර PHP දැනුමින්. එයින් එක් වෙබ් අඩවියක් අන්තර්ජාලයේ දැකගන්නට පුඵවන්.

        SriGallery.com

        තවත් එක් වෙබ් අඩවියක සංවර්ධන කටයුතු අවසන් වුනාට, ගැළපෙන ඩෝමේනයක් ලබා ගන්න තවම නොහැකි වුන නිසා තවම අන්තර්ජාලයේ නැහැ.


ඇති වගේ නේද ? පස්සේ මොනව හරි ලියන්න හිතුනොත් ලියන්නම්.

මම කැමතිම වෙබ් අඩවි.

මම කැමැතිම වෙබ් අඩවි කිහිපය පහත දැක්වෙනවා. ඒවා හරියටම පළමුවෙනි, දෙවනි කියා වර්ග කරන්න බැහැ. මොකද ඒ ඒ වෙබ් අඩවි වල සේවාවන් එකිනෙට වෙනස් නිසාත්, එකම වෙබ් අඩවිය උනත් වරින් වර ඒ හා සම්බන්ධව ලැබෙන අත්දැකීම් විවිධ නිසාත්. කොහොම උනත් අන්තර්ජාලය හරහා මම වැඩිවශයෙන් සේවය ලබා ගන්නා සහ ඔබටත් ප්රයෝජනවත් වෙයි කියල මම හිතන වෙබ් අඩවි සඳහන් කරන්නමි.

ඔබගේ පහසුව සදහා ඒ ඒ වෙබ් අඩවි, ඒවායින් ලබා සෙන සේවාවන් පදනම් කරගෙන වර්ගීකරණය කරන්නම්.

  • සමාජ ජාල වෙබ් අඩවි.
    • Facebook.com
      • ෆේස්බුක් භාවිතයට පිවිසෙන්න කලින් මම ඇතුළු මගේ පාසලේ බොහෝ දෙනා සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් භාවිතා කළේ Hi5 කියන වෙබ් අඩවිය. ඒකෙ කිසිම “රසයක්” නැති බව අපට වැටහිලා තියනකොට අපේ කට්ටියගෙන් කවුරු හරි ෆේස්බුක් එකේ ලියාපදිංචි වෙලා ඒකෙ වැඩ කරන්න පටන් අරන් තිබුනා. කොහොමින් කොහොම හරි අපි ඔක්කොම Hi5 වලින් අයින් වෙලා ෆේස්බුක් භාවිතා කරන්න පටන් ගත්තා.

        ඒකෙ තිබුන පහසුකම් ගොඩක් අපේ අයගෙ හිතට ඇල්ලුවා. Hi5 වලට වඩා සමූහ හදන්න පිටු හදන්න, Fans ල වෙන්න ඒකෙ තියන පහසු කම් අදටත් අපිට පහසුවක් මෙන්ම එක හා සමාන රසවිඳුම් (Interests) තිබෙන අය හමු වෙන්න ඇති ඉඩකඩ නිසාම අපි ඒක අපේ “නිළ” 8) සමාජ ජාල වෙබ් අඩවිය ලෙස භාවිතා කරනවා.

  • බ්ලොග් සේවා සපයන වෙබ් අඩවි.
    • WordPress.com
      • මම හිතන්නේ WordPress ගැන ඔබට විවරණ සපයන්නට මම ඉදිරිපත්් වීම “ගහ දන්නා අයට කොළ කඩා පෑමක් වේවි”. ඇත්තටම ඒ ප්රස්ථාව පිරුළ මෙතනට ගැළපෙනවද ? මම කියන්නේ මට වඩා බ්ලොග් ලියල පුරුදු ඔයාට WordPress ගැන මම කියන්නේ මොකට ද ?
  • සංගීත ගොනු භාගත කිරීමට ඇති වෙබ් අඩවි.
    • ශ්රී ලංකා
      • ශ්රී ලංකාව ආශ්රිත සංගීත ගොනු ලබා ගන්න පුළුවන් වෙබ් අඩවි මෙතන සඳහක් කරන්න ගියොත් මට අළුතින් අත් දෙකක් පංචිකාවත්තෙන් ගෙනත් දාන්න වෙනවා. මොකද ඒ තරමට අදාළ කාර්යය සඳහා වෙන් වුනු වෙබ් අඩිවි ශ්රී ලංකාවෙන් අන්තර්ජාලයට එක්වී හමාරයි.
    • බටහිර
      • MP3-Center.org
        • මෙහි සිදුවන්නේ අනෙකුත් වෙබ් අඩවි මගින් අන්තර්ජාලයට එකතු කොට ඇති සංගීත ගොනු එකම දත්ත මූලයකට එකතු කොට, එම වෙබ් අඩවිය හරහා සංගීත ගොනු search කරන විට අදාළ සංගීත ගොනුවේ සෘජු සබැඳිය (direct link) අපට ලබා දෙන එක. එවිට අපට එය තැන්පත් කොට ඇති වෙබ් අඩවි වලට යමින් කාලය නාස්ති නොකර, කෙලින්ම අදාළ ගොනුව භාගත කරන්න පුළුවන්.

          නමුත්, මෙම වෙබ් අඩවිය සපයන සේවාවටම ආවේණික නොවැලැක්විය හැකි දේෂයක් තිබෙනවාත යම් විදියකින් අදාළ සංගීත ගොනුව අන්තර්ජාලයට එක් කළ වෙබ් අඩවිය එකී සංගීත ගොනුව අන්තර්ජාලයෙන් ඉවත් කරගත්තත් MP3-Center හි දත්ත මූලයෙන් එකී ගොනුව සම්බන්ධ දත්ත ඉවත් වන්නේ නැහැ. එම නිසා ඉතාම කලාතුරකින් ඔබට ලැබුනු සබැඳියට අදාළ ගොනුව භාගත කරගැනීමට ඔබට හැකි නොවෙන්න පුළුවන්.

          අනික් අතට එකම සංගීත ගොනුවේ විවිධ පිටපත් ඇති විවිධ වෙබ් අඩවි වලින් මෙයට දත්ත ලබාගන්නා නිසා, එක් වෙබ් අඩවියක් අසාර්ථක වුනත් අනෙක් වෙබ් අඩවියේ ඇති ගොනුව භාගත කරන්න කටයුතු කරන්න පුළුවන්.

          කොහොම වුනත්, ලියාපදිංචි වීම් – භාගත කිරීමේ සීමා ආදී නොයෙකුත් ආකාරයේ බාධක මෙම වෙබ් අඩවියේ නැති නිසා, මෙම වෙබ් අඩවිය කාර්යක්ෂම තාවය අතින් ඉතාම ඉහළයි.

      • BeeMP3.com
        • මෙහි ඇත්තේ වෙනත් ක්රමයක්, මෙහි පරිශීලකයන් විසින් අන්තර්ගත කළ සංගීත ගොනු, අදාළ ගොනුවේ නාමය (title) ගවේශණය කිරීමෙන් සොයාගන්න පුළුවන්. විවිධ පරිශිලකයන් විසින් ගොනු අන්තර්ගත කරන නිසා, එකම ගොනුවේ විවිධ පිටපත් මෙහිදී ද දැක ගන්න පුළුවන්.
    • හින්දි.
      • BollyFM.net
        • මෙම වෙබ් අඩවිය හරහා බොලිවුඩයේ නිෂ්පාදිත හින්දි චිත්රපටි වල ගීත වගේම තොරතුරු පවා ලබා ගන්න පුළුවන්. මෙහි සංගීත ගොනු පෙළ ගස්වා තිබෙන්නේ ඒ ඒ ගීතය අයත් වුනු චිත්රපටය යටතේ අදාළ ගීත පෙළ ගැසෙන විදියටත නමුත් ඔබට අවශ්ය ගීතය අයත් වුනු චිත්රපටය දන්නනේ නැහැ කියා කලබල වෙන්න වුවමනා නැහැ, මොකද මෙහි හොඳ ගවේශණ පද්ධතියක් තිබෙන නිසා.
  • සෙවුම් යන්ත්ර
    • Google.com
      • ඔබට අවශ්ය සෙවුම් යන්ත්රයක් නම්, කතා දෙකක් නැහැ ගූගල් තමයි තැන.

        “පනින්න පෙර ගූගල් කරනු” “Google it before you jump” 8)


මතු සම්බන්ධයි….

රාහුල විද්යාලයීය විද්යා දිනය – 2008.

අද අපේ විද්යා දිනේ තිබුනා. මම AL නොවුනත්, ඒකට සමිබන්ධ උනේ ඉස්කෝලේ වෙබ් අඩවි කණ්ඩායමෙන් (Team|RCM Web -The web team of Rahula College) ඒක ආවරණය කළේ කළේ මමයි දුල්ව්නුයි නිසා.

මෙන්න මේ ඉස්කෝල වලින් කට්ටිය ඇවිල්ලා හිටියා.

මාර සංවිධානාත්මක බවක් තිබුණා මුළු වැඩසටහනේම. වැඩැසටහනේ සියළුම අංග අතර එකින් එකට සම්බන්ධ කමක් ඇති වෙන විදියට තමයි හදලා තිබුණේ. විදේශික professor කෙනෙක්ගෙ හා ලංකාවෙ මහාචාර්ය වරයෙකුගේ චරිත දෙකක් තමයි ඉදිරිපත් කිරීම් මෙහෙයවන්නේ. ඒ දෙනො එක් එක් අඩස්ථාවල කතා බහ කරන කාරණා වලින් වැඩසටහන එක් අංගයකින් තවත් එකකට මාරු කෙරුණා. මුළු විද්ය ාදිනයම නාට්යානුසාරයෙන් ඉදිරිපත් කෙරුණා.

* * * * * * * * * * * * * * * * * * * * * * * *

පිළිගැනීමේ කතාවෙන් අනතුරුව විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ප්රධාන විද්යාලයීය අචාර්යවරු කිහිප දෙනෙක් හා, ආරාධිත පාසල් වල ආචාර්ය වරු විසින් පොල්කතල් පහන දැල්වීමෙන් අනතුරුව නැටුම් අංශයෙන් ලස්සන රංගනයක් ඉදිරිපත් කර තිබුණා. ප්රධාන ශාලාව අදුරු කරලා, වේදිකා ආලෝක මැද එළම එළ කිරි විදියට ඉදිරිපත් කරපු රංගනයෙන් සියළු දෙනා මුල සිටම වැඩසටහන කරා ඇද බැද තබාගන්න හැකියාව ලැබුනා.

ඊ ළගට තමයි අපේ professor ගේ හා මාහාචාර්ය ගේ චරිත කරළියට ආවේ. විදේශිකයෙක් කිවුවට එයා අමුතුම ආකාරයක ඩයල් එකක්. මෑන්ට සිංහළෙන් කියන ඒවා තේරෙනවා, සිංහළ කතා කරන්නයි බැරි. :-D . මේ දෙන්නා එකතුවෙලා බලා ඉන්නවා රාහුලේ විද්යා දිනේට අනිවාර්යයෙන්ම එනවා කියපු මේ දෙන්නගේ මිත්රයෙක් වෙච්ච මහාචාර්ය “බක්මිනිස්ටර් ෆුලරින්” කොයි වෙලාවෙ හරි මෙතනට එනකමි.

මේ දෙන්නා හිටියේ පාරක. පිටිපස්සේ තාප්පයක් තිබුනා. ඒකෙ ලියලම මාතර ස්පේ කෑන් හිගයක් ඇතිවෙන්නත් ඇති. පැත්තකින් ටයර් ගොඩක් ගොඩ ගහලා තිබුනා. දිග පුටුවකුත් තිබුනා, පාරේ තිබුන ලයිට් කනුවක් යට. පරිසරේ දැක්කම නම් හිතට නිකං මොකක්ද මොකක්ද වගේ.

බලං ඉදලා බලං ඉදලා බැරිම තැන මේ දෙන්නා තනියෙන් වැඩේ ඉදිරියට කරගෙන යන්න තීරණය කළා. ඉතින් මේ දෙන්නා ඉස්සෙල්ලාම වේදිකාවට ගෙනාවේ රුහුණු විශ්වවිද්යාලයේ ….. වරයෙක් වුනු ….. මහතා. ඔහු විසින් නව නිපැයුම් හා නව ගවේෂණ කිරීම පිළිබද දේශනයක් පවත්වනු ලැබුවා. මේ මහතා “ස්වයංක්රීය ආප්ප නිෂ්පාදන යන්ත්රය” පිළිබදව පේටන්ට් හිමිකරු.

ඒ අංගයෙන් පස්සේ අපේ මිත්රයො දෙන්නට පොඩ්ඩක් විතර නිදිමතක් ආව නිසා, මේ දෙන්නා තීරණය කළා සිංදුවක් අහන්න. එකපාරටම ශාලාවේ ලයිට් ඕෆ් උනා, එතකොට තමයි ප්රේක්රෂකයන්ගෙ අතරෙ ඉදලා ලංකාවෙ නෙවෙයි වගේ පෙනුම කියෙන පොරවල් තුන්දෙනෙක් වේදිකාව පැත්තට යන්න පටන් ගත්තේ. එක්කෙනෙක් නම් හිටියේ තනිකර කවු (ද) බෝයි ස්ටයිල් එකෙන්. මේ ගොල්ලො තුන්දෙනා වෙදිකාවට යනකොට හෙමිහිට ආපහු සැරයක් වෙදිකාවේ තිරය ඇරුණා. මෙන්න වැඩක්, අර පාරේ කට්ටියක් කී බෝඩි එකකුයි ගිටාර් කීපයකුයි තියා ගෙන ඉන්නවා. මොකාද මේ පාරක ඉදන් සින්දු කියන්න හදන්නේ ? අර මම කලින් කිවුවේ, ප්රේක්ෂකයො අතර ඉදලා ටිකක් අමුතු වර්ගයේ පෙනුම තියන පොරවල් ටිකක් ආවා කියලා, අර පාර මැද්දෙ හිටිය තුන් හතර දෙනාටත් ඒ ලයින් එකමයි තිබ්බේ. ඔන්න ඒ තුන්දෙනා වේදිකාවට ගොඩ වුනා, වේදිකා ආලෝක ආයෙමත් පටන්ගත්තා. කොහොමහරි පාරෙ හිටිය කට්ටිය, අර තුන්දෙනාටත් ගිටාර් වගයක් දුන්නා. ඉතින් ඊට පස්සේ කට්ටියම එකතු වෙලා “Right here waiting for you” සින්දුව  කියන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවේ ශාලාව තනිකර මියුසිකල් නයිට් එකක් වගේ. වේදිකාවෙ අයට විතරක් ද සිංදු කියන්න පුළුවන් ? හැම ඉස්කෝලෙකින්ම ආපු හැම කෙනෙක්ම තාලෙට සිංදුව කියන්න පටන් ගත්තා. මම අර ඉස්කෝලෙ… මම මේ ඉස්කෝලෙ…. කියලා කිසිම වෙනසක් තිබුනෙ නෑ. “මේකනං මාර ලයින් මචං !” කියලා කට්ටියම එකට සිංදුව කිවුවා. ආ… එතකොට ටීචර්ස්ලා ටික… මෙන්න මේ කට්ටියත් කොල්ලො එක්ක සිංදු කියනවා !

හෙමිහිට සිංදුව ඉවර උනා. මෙන්න අපේ මිත්රයො දෙන්නා ආපහු වෙදිකාව උඩ. දෙන්නා වාදයක්. ලංකාවෙ එක්කෙනා කියනවා “නූතන අධ්යාපන ක්රමයට ටියුෂන් කළාව අනවශ්ය යි” කියලා, එතකොට අනිත් එක්කෙනා කියනවා නැහැ ඒක එහෙම නෙවෙයි කියලා. කොහොම හරි මේ ප්රශ්නෙ මේ දෙන්නට විසද ගන්න බැරි වුනු නිසා, මේ දෙන්නා කතා කරනවා රාහුලේ කොල්ලො හතර දෙනෙකුටයි, සුජාතෙ කෙල්ලො හකර දෙනෙකුටයි මේ ගැන වාදයක් කරන්න. මේ එහා පැත්තෙ තියන ඉස්කෝලෙ නේ ! හැබැයි මේ දෙන්නා විනිශ්චය මණ්ඩලේට එක කොන්දේසියක් දැම්මා. “ජයග්රහණය කල හා පරාජය වූ කණ්ඩායම් තේරීම තහනම්. කරන්න ඕන දක්ෂතම විවාද කරු තෝරන එක විතරයි !” කියලා.

ඊට පස්සෙ තමයි නියම සෙල්ලම. කට්ටිය ගිනි විසිවෙන්න විවාද කරනවා. හැබැයි හරිම සාමකාමී විදියට. ඒක බලං ඉදපු හැම දෙනාටම කටේ කෙළ හිදීගෙන යන්න පටන් ගත්ත නිසා, උදේ කෑම එක හෙමිහිට හැමෝගෙම අතට හම්බවුනා. ඉතින් හැමෝම හෙමිහිට කඋම පැකට් එක හිස් කරන්න පටන් ගත්තා.

කොහොමින් කොහොම හරි විවාදය අවසාන උනා. මතකයි නේ ? දෙගොල්ලොම දිනුම් කියලා ? ඉතින් ඊට පස්සේ වේදිකාවට ආවේ විනිශ්චය මණ්ඩලය. මේ විවාදෙදි ලොකුම ගැටළුවට මුහුණ දුන්නෙ රාහුලේ වත් සුජාතෙ වත් නෙවෙයි. විනිශ්චය මණ්ඩලය. අන්තිමට ඒ ගොල්ලො දක්ෂතම විවාද කරුවන් හැටියට දෙපිළෙන්ම දෙන්නෙක් තෝරගෙන තිබුනා.

මේ දැන් අපේ ලංකාවෙ මහාචාර්ය තුමාට ෆෝන් කෝල් එකක් ආවා. මාර සීන් එක නෙ වෙලා තියෙන්නේ ! අර ගොල්ලොන්ගේ යාළුවා, බක්මිනිස්ටර් ෆුලරින් මහත්තයා ආපු ෆ්ලයිට් එක කඩාගෙන වැටිලා කැලයක් මැද්දට.

බක්මිනිස්ටර් ෆුලරින් මහත්තයා ඊට පස්සේ වැද්දෝ කණ්ඩායමකට අහු වෙනවා. වැද්දො කියල කිවුවට මේ ගොල්ලො නිකංම නිකං වැද්දො නෙවේ, මොඩර්න් වැද්දො වගයක්. ඒ වැද්දෝ නටන්නේ වැදි ගීත වලට නෙවෙයි… අළුත් හිට් සංදු වලට. මහ හූරා… ඒ කියන්නේ චීෆ් වැද්දා, එයා මෝටර් බයික් එකෙන් ගමන් යන, සන් ග්ලාසස් පාවිච්චි කරන වැද්දෙක්. අපේ බක්මිනිස්ටර්ට කියන්න ඕන වුනා එයා ගෙ ෆ්ලයිට් එක අනතුරට භාජනේ වුනු නිසා එයා කැලේට වැටුන කියල, ඉතින් එයා වැද්දන්ට කියනව මෙහෙම “මේ හූර ගේ කුරුළු පොජ්ජ බිමට මංගැච්චුව නේ” කියල. එතකොට චීෆ් වැද්ද අහනවා “කුරුළු පොජ්ජ ? ඒ මොකක්ද අඩා ඒ ? ආ… ඔහේ කියන්නෙ මේ එරොප්-ප්ලේන් එකෙයි ?” කියලා. එයා සිංglish වැද්දෙක්. එතන රස ගොඩායි ! තනිකර සිංදු මික්ස් කරලා හදපු නාට්යයක්. ඒක මෙහෙම කියන්න බැහැ. ඒක නාට්යයක් නේ… ඒක බලන්න මෙන්න මේ YouTube පිටුවට යන්න http://www.youtube.com/?video=*********************

මේ නාට්යය දිහා බලං හිටපු අපේ කට්ටිය උඩ පැන පැන, බඩ අල්ලගෙන, දිව හපාගෙන, කදුළු හළාගෙන හිනා වෙනවා.

ඊට පස්සේ වේදිකාව නැවත විවෘත වුනේ 6th Lane ල ගේ “අම්මා” සිංදුව කියන්න. කවුරුත් තාලයට සිංදුව කිවුව විදිය හරිම ලස්සනයි.

විවාදයට සහභාගී වුනු අයට ත්යාග බෙදා දීමෙන් පස්සෙ කට්ටිය ගෙවල් වලට ගියේ රාහුලේ වැඩක් කළොත් ඒක ආයි නියමෙටම කරන බව තවත් වාරයක් පසක් කරගනිමින්.

ශ්‍රී ලාංකිකයාගේ නව ප්‍රවනතා භීතිකාව.

මෙය ලියන්න සිත් වුනේ පසුගිය සති කිහිපයක් පුරාවට “විදුසර” විද්‍යා පුවත් පතේ “අපේ පිටුව” ලෙස නම් කෙරුණු, එහි පාඨකයන්ට විවිධ මාතෘතා පිළිබද කරුණු පළ කිරීමට ඉඩ සලසන පිටුවේ පළවුනු ජංගම දුරකථනය පිළිබද සංවාද ලිපි පෙලක් කියවීමෙන් මා තුල ඇතිවුනු සිතිවිලි. පසුගිය කලාපයෙන් එම සංවාදය අවසන් වන බවට කර්තෟ විසින් පසුගිය සතියේ ලිපිය අවසානයෙේසටහනක් යොදා තිබුනා. විදුසරේ ගැටළු වලට විදුසරට නොලියා මම බ්ලොග් එකට ලියන්නේ එහි කිසිම කෙනෙකුගේ වාරණයකට බදුන් නොවී අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් නිසාත්, මෙම ගැටළුව දෙස විවෘතව බලන මිනිසුන් විදුසර පාඨක ප්‍රජාව අතරට වඩා ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන් අතර සිටීමේ හැකියාව වැඩි නිසා.

මෙන්න එම සංවාදයේ යෝජක පිළේ මාතෟකාව :
ජංගම දුරකථනය වනාහි, සමාජයට නපුරම ගෙනෙන, යක්ෂයාගේ උපකරණයකි. සමාජය “යහපත්” කිරීමට නම්, එය වහාම ජනතාව අතරින්, විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතරින් ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. මන්ද, සමාජයේ සිටින “මන්ද බුද්ධික ම”, “අඥාණ ම ” කොටස වන තරුණයින්, ජංගම දුරකතනය යන “යක්ෂයාගේ උපකරණය” භාවිතා කරමින්, තමා පමණක් නොව මුළු මහත් සමාජයම “වල පල්ලට” ඇද දැමීමට උත්සාහ කරයි.

මෙයට විරැද්ධව ලියුම් කරුවන් කිහිපදෙනෙක් යම් ප්‍රගතිශීලී අදහස් දරමින් ලිපි ලීවද, මුළු මහත් සංවාදය පුරාවටම යෝජක පාර්ශවය කිසිසේත් බුද්ධිමත් තර්කයට නොහොඹිනා බාල වර්ගයේ පදයක් භාවිතා කරමින් සිටිනු දක්නට ලැබුනා. එනම්, ඉහත සදහන් අදහස රැගත් ලිපිය පළමුවෙන්ම විදුසරහි පළ කරනු ලැබුවේ “වෛද්‍ය වරයෙකු” යැයි කියාගත් පුද්ගලයෙක්. (තමා වෛද්‍ය වරයෙකු බව ඔප්පු කිරීමට සිය වෘත්තිය සහතිකපත් වල පිටපත් ඔහු විසින් පුවත් පතේ පළ කොට තිබුනේ නැහැ.) නමුත් ප්‍රතියෝජක පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූයේ පාසල් සිසුන් පිරිසක්. ඉතින් ඇතැම් යෝජක පාර්ශවිකයන්ගේ හැගීම වුනේ සිය නායකයා (අදහස මුලින්ම විදුසරට ලිවූ තැනැත්තා) වෛද්‍යවරයෙකු වන බැවින් හා, ප්‍රතියෝජකයන් පාසල් සිසුන් වැන්නවුන් බැවින්, “ලොකු මිනිහා” ගේ මතයට හිස නමා, සිය තර්ක හකුළා ගත යුතු බවයි.

අපගේ සමාජයේ තිබෙන එම දුර්වල කම පිළිබදව මම වැඩිතුරටත් කරතා කරන්න යන්නේ නැහැ.

ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් වුනේ ජංගම දුරකථනය නිසා තරුණ පරපුර අනවශ්‍ය ක්‍රියාකරකම් වලට යොමු වනවා කියන එක. මොනවද මේ අනවශ්‍ය ක්‍රියාකාරකම් ? ඒක තේරුම් ගන්න MBBS (මේසන් බාස්ට බදාම  සප්ලයි) ගහන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක පවා සිය ලිපියට අන්තර්ගත කිරීමට ඔවුන් විවෟත ස්වභාවයකින් කටයුතු කොට තිබුනේ නැහැ. හොදයි, ජංගම දුරකතන තිබෙන සියළුම අය අසභ්‍ය අන්තර්ගත  (XXX Content. දන්නෙම නැත්නම් Google සෙවුමක් දමන්න. හැබැයි එන ප්‍රතිඵල වලින් Wikipedia හෝ Yahoo! Answers වැනි දැනුම් මූල (Knowledge Bases) වලට විතරක් යන්න.) භාවිතා කරනවා ද ? එසේ භාවිතා කරන්නේ ජංගම දුරකතන හිමි කරුවන් පමණද ? ඒවා භාවිතා කළ හැක්කේ ජංගම දුරකතන හිමිකරුවන් ට පමණද ?

ඇත්තටම මෙතනදී මූලික වෙන්නේ සිත් පිත් නොමැති උපකරණය නොවේ, එය භාවිතා කරන පුද්ගලයාගේ මනසයි.

ඔබ සහ මම, අපි හැම දෙනාම අන්තර්ජාලය භාවිතා කරනවා. හොදයි, අන්තර්ජාලයේ නැත්ද ඔය කියන අසභ්‍ය අන්තර්ගත රැගත් වෙබ් අඩවි ? නමුත් අපි ඕවට යන්නේ නැත්තේ ඒ සදහා අවශය වන හැදියාව අප කුලින්ම එන නිසා. අන්තර්ජාලයේ ගත කරන කාලය කුණුහරුප බලන්නේ නැතිව අපි ඒ කාලය වැදගත් දේකට යොදා ගන්නවා. ඒක අන්තර්ජාලයේ “හොද” නෙවෙයි, පෞද්ගලිකව අප සතුව ඇති යහපත් ගුණාංග.

නමුත් ඔය අස්සේ මොකෙක් හරි හාල් පාරුවෙක් අන්තර්ජාලෙට ඇවිල්ලා කුණුහරුප බැලුවොත්, ඒක අන්තර්ජාලයේ නරක ද ? නැති නම්, අදාළ පුද්ගලයාගේ මානසික ස්වභාවය ද ?

ඉතින්, අර වගේ හාල් පාරුවෝ අන්තර්ජාලයෙන් කුණුහරුප බලනවයි කියලා, ලංකාවෙ සියළුම තරුණයන්ට අන්තර්ජාල භාවිතය තහනම් කළොත් ? ඒකත් හරියට මිනිස්සු අරක්කු සිගරට් බොනවට TV එකේ පෙන්නන චිත්‍රපටියේ සිගරට් අරක්කු බොන දර්ශන කැපුවා වගේ විහිළුවක් වෙනවා. බොන්න ඕන එකා ඕක දැක්කත් නොදැක්කත් බොන එක බොනවා. මේක නිකං අතීසාරෙට අමුඩ ගැහීම වගේ දෙයක්.

ජංගම දුරකථනය සම්බන්ධයෙනුත් මේක මෙහෙම මයි.

ජංගම දුරකථනය කියන්නේ මෙවළමක්. ඒක හොදට වලේම නරකටත් භාවිතා කරන්න පුඵවන්. කොටි ත්‍රස්තවාදියෙක් දුර කියෙන බෝම්බයක් පුපුරුවන්න ජංගම දුරකථනයක් භාවිතා කරනව වගේම, එවගේ සැක කටයුතු යමක් දැක්කොත් අදාළ අංශ වලට කියන්න ඔබේ අතේ තියන ජජගම දුරකථනයෙන් 118 හරි 119 අමතන එකයි කරන්න තියෙන්නේ.

අදාළ ලිපි පෙළ ලිවීමේදී යෝජක පාර්ශවයට හේතු සාධක 2-3ක් මට නිකං තේරෙනව වගේ,

  • සමාජය තුළ කලක පටන් මෙම ජංගම දුරකථන භීතිකාව වර්ධනය වුනු නිසා, ඒ හා සම්බන්ධව විදුසර වැනි “පිළිගත්” සගරාවකට ලිපි ලිවීමෙන් තමාගේ “ආත්මාභිමානය” නංවා ගත හැකි නිසා.
  • සමාජය තළ ලොකු තැනක් තියන වෟත්තියක පොරකගේ අදහසකට මුක්කු ගැසීමෙන් තමාටද එම “පාණ්ඩිත්‍යය” ආදේශ වන නිසා.
  • වෙනස් වන සමාජය තුළ වෙනස් වීමට තමා තුළ ඇති “සාධාරණ” බය නිසා.
  • වර්තමාන තරුණ පරපුර ද ගත කරන්නේ තමන් ගත  කළාවූ ළිං මැඩි සමාජයක යැයි සිතීම නිසා.
  • තමන් තරුණ කාලයේදී ගාමිණි ෆොන්සේකා වැන්නවුන් සිනමාවේදී සිගරට් බොන ආකාරය බලා, තමන්ද ඒවා කලා සේ, වත්මන් පරපුර ද එවන් අන්ද අනුගාමිකයන් යැයි සිතා. (අදාළ මහතාට අපහාසයක් නොවේ. අදාළ සමයේ සමාජය ගැන අත්දැකීම් තිබෙන මාගේ පියාගෙන් ලද තොරතුරු මත ය.)

ඉතින් මේ ගැන සංවාදයක් අපේ සිංහළ බ්ලොග් සංසද සාමාජිකයින් අතර ගොඩනගා ගන්න කැමතියි. ජංගම දුරකථන භීතිකාව ගැන නොවේ, නව ගීත – සිනමා නිර්මාණ – කෘති වැනි නවතාවයෙන් යුතු දේ පිළිබදව පැරණි පරපුරෙන් එල්ලවන විරෝධතා ගැන. මගේ අදහද මෙය කාලීන අවශ්‍යතාවක් කියලයි.

ගීතය පිළිබදව සමාජයේ අදහස් පිළිබදව මගේ අදහස්.

මෙම ලිපියේ අරමුණ මෙරට බිහි වූ හා මෙරට ජනප්රිය වූ විදේශ ගීත නිර්මාණ පිළිබද මට සමාජයෙන් අසන්නට දකින්නට ලැබුනු ප්රතිචාර පිළිබදව මගේ දැක්ම ඉදිරිපත් කිරීමයි. ඇතැම්විට මේ හරහා ගීතය පිළිබදව මගේ අදහස් ද හෙළි වෙනවා වෙන්නට පුළුවන්.

මා ගීතය දෙස බලන්නේ ඒ පිළිබදව කිසිදු ශාස්ත්රීය දැනුමක් නොමැති, අප සමාජයේ අසන්නට දකින්නට ලැබෙන හා අන්තර්ජාලයෙන් බාගන්නා ගීත නිර්මාණ රසවිදින අයෙකු ලෙස පමණක් බව සැලකිය යුතුයි. මෙම ලිපියට කිසිදු ශාස්ත්රීය පදනමක් නොමැති අතර, මේ මාගේ පෞද්ගලික අදහස් බව සැලකිය යුතුය. යම් ආකාරයකින් මෙය කියවන අයෙකු සමග මේ සම්බන්ධව සංවාදයක් ගොඩනගා ගැනීමට අවශ්ය නම්, ඒ සදහා  මම පූර්ණ සහයෝගය පළ කරමි.

———————————————————–

ඇතමුන් ශ්රී ලංකාව තුළ බිහි වන නව ගීත නිර්මාණ විවේචනය කරති, විදේශ රටවල සම්භවය ලැබූ ගීත නිර්මාණ ලංකාවේ ජනප්රිය වීම ප්රතික්ෂේප කරන අතර, එම ගීත සදහා රුචි කමක් දක්වන පිරිස දෝෂ දර්ෂණයට බදුන් කරති.

01. ඔවුන් ගේ ප්රධාන තර්කය වන්නේ එම ගීත නිර්මාණ තුළ කිසිදු අර්ථයක් නොමැති බවයි.

* සත්ය වශයෙන්ම ගීත නිර්මාණයකට තේරුමක් තිබිය යුතු ද ? එය එසේනම්, අප සිංහල (හෝ තමන්ට වැටහෙන භාෂාවක) ගීත හැර අනෙකුත් ගීත අසන්නේ කුමකට ද ? එමෙන්ම වචන රහිත සංගීත නිර්මාණයකින් එසේනම් බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද ?

මේ පිළිබදව මාගේ අදහස නම් කිසිදු ගීත නිර්මාණයකට තේරුමක් තිබීම, එය මනා ගීතයක් වීමට අවශ්ය සුදුසු කමක් නොවේය යන්නයි. තේරුමක් තිබුනාට කමක් නැත, එහෙත් එය අත්යවශ්යද නැත. මන්ද අප ගීතයකින් බලාපොරොත්තු වන්නේ අපගේ සවන පිනවීම පමණක් බැවිනි. අපහට සමාජය වෙත යම් පණිවුඩයක් අවවාදයක් ලබා දීමට අවශ්ය නම් ඒ සදහා පොත් පත් ප්රයෝජනයට ගත හැක. ගීතද ඒ සදහා ප්රයෝජනයට ගැනීමේ කිසිදු බාධාවක් නොමැති නමුත්, සියළුම ගීත තුළ අර්ථයක් අන්තර්ගත විය යුතු යැයි කියා දෙයක් නොමැත.

02. මෙවන් ගීත දෝෂ දර්ශනයට බදුන් කරන පුද්ගලයන් ඉදිරිපත් කරන තවත් කර්කයක් වන්නේ, එකී ගීත තුළ සංගීතමය රසයක් පවා දක්නට නොමැති බවයි.

* කවුරුන් කෙසේ කීවද අපට මේ ලෝකය තුළ තනිව දිවි ගෙවිය නොහැකිය. අන්තර්ජාලය වැනි මාධ්ය හරහා දිනෙන් දිනම නොව තත්පරයක් පාසා අපි ලෝකයේ විවිධ රටවල් හා සංස්කෘතීන් සමග අදහස් හුවමාරු කර ගනිමු,  ඔවුන්ගේ ගීත නිර්මාණ බාගනිමු, ඒවා කනට මිහිරි නම් මිතුරන් සමගද බෙදා හදා ගන්නෙමු. මෙවන් ආකාරයට ඒ ඒ රටවල ගීත රටාවන් තවත් රටක ගීත නිර්මාණ කෙරෙහි බලපෑම් කරයි.

ඉතින්, විවිධ සංස්කෘතීන් තුළින් ජන්මය ලැබූ ගීත, විවිධාකාර ස්වභාවයන්ගෙන් යුක්ත වන බව තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවේ.

එය පැහැදිළි කරගැනීම සදහා වැඩි දුර යා යුතු නැත, ශ්රී ලංකාව තුළින්ම මේ සදහා උදාහරණ සපයා ගත හැක. එනම් D-Tap ලාගේ ගීත ශෛලිය BnS ට නැත BnS ගේ ගීත ශෛලිය D-Tap ලාට නොමැත, එහෙත් රොමේෂ් N ලක්ෂාන්ට ඇත්තේ වෙනත්ම රටාවකි, මෙම කලා කරුවන් විවිධ පැති ඔස්සේ එකිනෙකාගෙන් වෙනස් වන අතර තවත් පැති ඔස්සේ එකිනෙකාට සමාන වෙති, එය ඒ ඒ කලා කරුවන්ටද ඒ ඒ ගීත නිර්මාණයටද අද්විතීය (unique) වෙයි.

එසේ නම්, වෙනත් සංස්කෘතියක ප්රභවය ලැබූ ගීතයක් මුල් අවස්ථා කිහිපයේදී කණට නුහුරු වීම පුදුමයක් නොවේ, නමුත් එම නිර්මාණයට දෙතුන් වරක් සවන්දීමෙන් එහි ඇති ගුණාත්මක භාවයන් පිළිබදව අවබෝධයක් ලබා ගැනීම හෝ අඩුම තරමේ ඒ සදහා උත්සාහ කිරීම නිකරුණේ ඒ ගීත සදහා හා එම ගීතවල ශ්රී ලාංකේය රසිකයන්ට බැන වදිනවාට වඩා සුදුසු නොවේද ?

03. විදේශීය ගීත නිර්මාණ ජනප්රිය වීමෙන් දේශීය සංස්කෘතිය විනාශවන බවද ඔවුන්ගේ අදහසයි.

* ඉහත 02. හි පිළිතුරෙහි සදහන් කළ ලෙසින්ම විශ්ව ගම්මානයේ අපට තබා කිසිද රටකට තනිවිය නොහැක. ඉතින් එක් රටක ගීත තවෙකක් තුළ ජනප්රිය වීම නැවැත්වීම කළ හැකි දෙයක් නොවේ.

අනෙක, මැනවින් ස්ථාපිත වූ සංස්කෘතියක් ඇති රටක සංස්කාතය අතුගා දැමීමට ගීත වලට හැකියාවක් ලැබෙන්නේ කෙසේද ? එසේ හැකි වනවා නම් එයින් කියැවෙන්නේ එකී සංස්කෘතිය තවදුරටත් අදාළ දේශයේ ජනයා විසින් නොපිළිගන්නා බව නොවේද ? එය ගීත නිර්මාණ වලට තනිවම කළ හැකිය යන්න තර්කානුකූල ප්රකාශයක් ද ?

යම් හෙයකින් අදාළ රටේ සංස්කෘතිය විසින් පුරවැසියන්ගේ මනස නිවැරදි ලෙස හැඩගස්වා තිබේ නම්, හුදු ගීත නිර්මාණයකට රටක සංස්කෘතිය විනාශ කළ හැකි වන්නේ නැත.

Blogged with the Flock Browser